Handling Events
React elements එක්ක events හැසිරවීමත් DOM elements වලින් events හැසිරවීමට ගොඩක් සමානයි. Syntax වල පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා.
- React events නම් කරන්න භාවිතා කරන්නේ lowercase නෙමෙයි camelCase.
- JSX වලදි event handler එක විදිහට යවන්නේ string එකක් නෙමෙයි function එකක්.
උදාහරණයක් විදිහට පහල තියෙන HTML code එක බලන්න.
<button onclick="activateLasers()">
Activate Lasers
</button>
ඒකම React වලන් ලියද්දි ටිකක් වෙනස් වෙනවා මේ වගේ.
<button onClick={activateLasers}> Activate Lasers
</button>
තවත් වෙනස්කමක් තමයි React වලදි ඔයාට element එකක default behavior එක නවත්තන්න return false
භාවිතා කරන්න බැහැ. ඔයා අනිවාර්යෙන්ම preventDefault
භාවිතා කරන්න ඕනි.
උදාහරණයක් විදිහට plain HTML වලින් link එකක සාමාන්‍ය හැසිරීම (default behavior) නවත්තන්න ඒ කියන්නෙ link එක click කලාම අලුත් page එකක් open වෙන එක නවත්තන්න පහල තියෙන code එකෙන් පුලුවන් වුනත්:
<a href="#" onclick="console.log('The link was clicked.'); return false">
Click me
</a>
React වලින් link එකක default behavior නවත්තන්න නම් මේ වගෙ code එකක් ලියන්න ඕනි:
function ActionLink() {
function handleClick(e) { e.preventDefault(); console.log('The link was clicked.'); }
return (
<a href="#" onClick={handleClick}> Click me
</a>
);
}
මෙතනදි e
කියල කියන්නෙ synthetic event එකක්. React වල synthetic event define කරල තියෙන්නෙ W3C spec වලට අනුකූලව හින්ද ඔයා cross browser compatibility ගැන වද වෙන්න ඕනි නැහැ. ඔයාට මේ ගැන තව විස්තර දැනගන්න ඕනි නම් SyntheticEvent
reference guide එක කියවල බලන්න.
React වලදි ඔයාට පුලුවන් element එකක් හදල පස්සෙ addEventListener
method එක call කරල Event Listener එකක් add කරනව වෙනුවට element එක initially render වෙන තැනින්ම Event Listener එකක් add කරන්න.
ES6 class වලින් component එකක් define කරද්දි පොදු සම්මතයක් විදිහට event handler එකත් class එකේ method එකක් විදිහට ලියනව. උදාහරණයක් විදිහට පහල තියෙන “ ON” සහ “OFF” state මාරුකරන්න පුලුවන් button එකක් තියෙන Toggle
component එක බලන්න:
class Toggle extends React.Component {
constructor(props) {
super(props);
this.state = {isToggleOn: true};
// This binding is necessary to make `this` work in the callback this.handleClick = this.handleClick.bind(this); }
handleClick() { this.setState(state => ({ isToggleOn: !state.isToggleOn })); }
render() {
return (
<button onClick={this.handleClick}> {this.state.isToggleOn ? 'ON' : 'OFF'}
</button>
);
}
}
ReactDOM.render(
<Toggle />,
document.getElementById('root')
);
JSX callbacks වලදි this
කියන keyword එකේ භාවිතය සම්බන්ධයෙන් ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. මොකද JavaScript වලදි class වල methods කිසිම එකක් default bind වෙලා නැහැ. ඒ කියන්නේ බැරිවෙලාවත් ඔයා this.handleClick
කියන method එක bind කරන්නෙ නැතුව onClick
එකට pass කලොත් onClick
function එක call වෙන වෙලාවෙදි this
වල value එක undefined
විදිහට තමයි තියෙන්නේ.
මේක React වලට ආවේණික behavior එකක් නෙමෙයි. මේ තමයි JavaScript වල functions වැඩ කරන විදිහ. JavaScript වලදි ඔයා method call එකට පස්සෙ ()
නැතුව method එකක් refer කරනවනම්, ඒ කියන්නේ onClick={this.handleClick}
code එකේදි වගේ; ඔයා අනිවාර්යෙන්ම ඒ method එක bind කරල තියෙන්න ඕනි.
ඔයා bind
method එක call කරන්න වැඩි කැමැත්තක් නැතිනම් ඔයාට මේ වැඩේ කරගන්න තව ක්‍රම දෙකක් තියෙනව. ඔයාට පුලුවන් තාම පර්යේෂණ මට්ටමේ තියෙන public class fields syntax එකේ විදිහට class fields භාවිතා කරල callbacks bind කරන්න.
class LoggingButton extends React.Component {
// This syntax ensures `this` is bound within handleClick. // Warning: this is *experimental* syntax. handleClick = () => { console.log('this is:', this); }
render() {
return (
<button onClick={this.handleClick}>
Click me
</button>
);
}
}
මේ ක්‍රමය තමයි Create React App වල by default භාවිතා කරන්නේ.
ඔයා class fields syntax එක භාවිතා කරන්නත් කැමති නැති කෙනෙක්නම් ඔයාට පුලුවන් callback එකේදි arrow function එකක් භාවිතා කරල මේ වැඩේ කරගන්න.
class LoggingButton extends React.Component {
handleClick() {
console.log('this is:', this);
}
render() {
// This syntax ensures `this` is bound within handleClick return ( <button onClick={() => this.handleClick()}> Click me
</button>
);
}
}
මේ ක්රමයේ තියෙන අවුල තමයි LogginButton
එක render වෙන හැමවෙලාවකම අලුත් callback එකක් create වෙන එක. ගොඩක් වෙලාවට මේක ඔයාට ගැටලුවක් වෙන්නෙ නෑ. හැබැයි මේ callback එක prop එකක් විදිහට lower component වලට pass කලොත් ඒ component වල අනවශ්‍ය re-rendering ටිකක් කරන්න වෙනවා. ඔයාට මේ වගේ performance ගැටලු මගහැරගන්න අවශ්‍ය නම් අපි ඉහත සදහන් කරපු අනිත් ක්‍රම 2 වන constructor එකේ bind කරන ක්‍රමය හෝ class fields syntax ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්.
Event Handlers වලට Arguments pass කිරීම
loop එකක් අතුලෙදි event handler එකකට extra parameter එකක් pass කරන්න වෙන වෙලාවන් තියෙනවා. උදාහරණයක් විදිහට id
කියන්නෙ row ID එකනම් පහල තියෙන code line දෙකම හරියට වැඩ කරන්න ඕනි.
<button onClick={(e) => this.deleteRow(id, e)}>Delete Row</button>
<button onClick={this.deleteRow.bind(this, id)}>Delete Row</button>
පළවෙනි line එකේ arrow functions භාවිතා කරල, දෙවෙනි line එකේ Function.prototype.bind
භාවිතා කරල තිබුන වුනත් මේ තියෙන line දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ.
ඉහත අවස්ථා දෙකේදිම ID එකට පස්සේ argument එකක් විදිහට e
කියන නමින් React event එක function එකට pass කරනව. අපිට arrow function භාවිතයෙදි e
වෙනමම pass කරන්න වුනත් bind
method භාවිතා කරනවනම් එහෙම කරන්න අවශ්‍ය නැහැ.